අතුරුදන් සරසවි සිසුවාගේ සිරුර මහවැලියෙන් මතුවෙයි..? සිසුවාගෙන් ලිපියක්..

University of Peradeniya Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 21, 2022 12:59 PM GMT
Report

පසුගිය 16 වැනි දින අතුරුදන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අංජන කුලතුංග නමැති සිසුවාගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් අද (21) පස්වරුවේ හමු වී තිබෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව ප්‍රදේශයට ආසන්නයෙන්.

පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව ඇති බවට පේරාදෙණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය ද සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කළා. මෙලෙස අතුරුදන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.

මෙම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පැවසුවා. ගම්පහ - යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 24 හැවිරිදි වියෙහි පසුවන්නෙක්. හමු වූ මළසිරුර අතුරුදන් වූ ශිෂ්‍යයාගේ දැයි තහවුරු කරගැනීමට මේ වනවිට පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now