මාර්ගයක් මාස හයක් වසා දැමීමට සැරසෙයි..විකල්ප මාර්ගත් කියයි..

Sri Lanka Police University of Peradeniya Department of Railways
By Sewvandhi Feb 18, 2024 11:38 AM GMT
Report

මාස 06ක කාලයකට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා දිවෙන ගලහා මාර්ගය තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත්තේ, මහනුවර සිට පේරාදෙණිය දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීම හේතුවෙනුයි.

ගලහා මාර්ගය හරහා දිවෙන පැරණි දුම්රිය පාලම නවීකරණය කිරීමට සිදුවීම හේතුවෙන් එම නඩත්තු කටයුතු සඳහා මෙලෙස මාර්ගය වසා දැමීමට තීරණය කර ඇති බවයි සඳහන්.

පොලිසිය සඳහන් කළේ, එලෙස මාර්ගය වසා දැමීමට තීරණයක් ගතහොත් ඒ අනුව, ගලහා ප්‍රදේශයට ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ගලහා හන්දිය අසලින් දිවෙන පැරණි පාර (ලබුදුවේ සිරිධම්ම මාවත) ඔස්සේ අල්විස් පොකුණ අසලට පැමිණ ගලහා දෙසට ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.