අවදානමක් හේතුවෙන් ප‍්‍රධාන ගිණුම් රැසක් මහජන බැංකුවෙන් ඉවත් කරගනී..එකවරම සිදු වූ දේ මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka People's Bank
By Aruna Mar 16, 2023 11:12 PM GMT
Report

රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබෙනවා.

මහජන බැංකුවේ නිලධාරීන් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා ගැනීමට නොහැකිවීමෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දන්වා තිබේ.

ඒ අනුව මහජන බැංකුවේ සේවකයන්ට ද සිය අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාගැනීමට නොහැකි නිසා විකල්ප ක්‍රියාමාර්ග වලට යොමු වීමට සිදු වන බව ද මෙමඟින් පැහැදිලි කර ඇත.

ඒ නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත්කොට වෙනත් බැංකුවලට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයාද මුදල් අමාත්‍යාංශයේ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ, රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් කළ ඉල්ලීම පිළිබඳව විශේෂ අවධානය යොමුකර කටයුතු කරන ලෙසයි.

මේ අතර මහජන බැංකුවේ දැනට ගිණුම් ඇති මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ගිණුම් රැසක් ද එම බැංකුවෙන් ඉවත්කරගැනීමට සිදුවුණු ඇති බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

වැඩ වර්ජන දිගින් දිගටම පැවතුණහොත් තම ව්‍යාපාරික කටයුතුවල බලපෑම් ඇතිවන නිසා මෙම පියවර ගැනීමට තීරණය කර ඇතැයි ඔවුන් දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.