ඇසක් නොපෙනෙන කන් නෑසෙන වන අලියෙක් නිසා ගම්මුන්ට සිදු වුන දේ.

Kurunegala Sri Lanka Elephant
By krishani Aug 11, 2023 06:33 PM GMT
Report

මේ දිනවල, වයඹ වන ජීවී කලාපයේ මහව ප්‍රදේශයේ සැරිසරන වන අලියකු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බව වාර්තා වේ.

එම සැරිසරන වන අලියාගේ දකුණු ඇස නොපෙනෙන සහ කන් නොඇසෙන බවත් ආහාර සොයා ගම්මානවලට පැමිණෙන බවත් එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ආහාර සොයා පැමිණෙන මෙම බිහිරි වන අලියා සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් පිළියමක් යොදන මෙන් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.