රසම රස පැණි වලලු හදාගන්න මෙන්න recipe එක..
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
අවශ්‍ය ද්‍රව්‍ය -
- කිතුල් පැණි බොතල් 1 1/2
- උඳු ඇට 500g
- තෙල් බොතල් 1
- කැකුළු හාල් 750g
- පොල් ගෙඩි 1 1/2ක කිරි
- බැදීමට තෙල්
- පිරිසිදු රෙදි කෑල්ලක් හෝ පයිපින් බෑග් එකක්
සාදාගන්නා ආකාරය -
හාල් වතුරේ දමා පැය 12 ක් පමණ පොඟවා ගෙන පිටි කරගන්න. උඳු ඇට ටිකත් පැය 12 ක් පමණ පොඟවලා පොල් කිරි වලින් හොඳින් අඹරා ගන්න. හාල් පිටි හා අඹරා ගත් උඳු එකට මිශ්‍ර කරන්න. ඒ සියල්ල හොඳින් අනලා පැය 3ක් වහලා පිපෙන්න තියන්න. පැය 3 ට පසුව මිශ්‍රණය අරගෙන නැවත හොඳින් කලවම් කරන්න. මිශ්‍රණය තද වැඩි නම් පමණක් පොල් කිරි දාලා පදම හදා ගන්න.
පැණි ටික මුට්ටියකට දාල යන්තම් රත් කරගන්න. ඊළඟට රෙදි කෑල්ලෙ හෝ පයිපින් බෑග් එකේ පොඩි හිලක් හදලා මිශ්‍රණයෙන් ටිකක් අරන් රත්වුණු තෙල් තාච්චියට රවුමට මිරිකන්න. රන්වන් පැහැයට එද්දී ඒවා අරගෙන පැණි තියෙන මුට්ටියට දාගන්න. හොඳින් පැණි තැවරුණු පසුව වෙනත් භාජනයකට දාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |