ගින්නට හසුවී පුත්‍රයා, දියණිය සහ පවුලේ සාමාජිකයන් මියගොස් ඇති බව නොදැන, ගින්න නිවීමට ගිය ගිනි භටයා..(PHOTOS)

United States of America Accident
By Sewvandhi Aug 06, 2022 07:58 AM GMT
Report

එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ නිවසක ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගින්න නිවීම සඳහා එම ස්ථානයට පැමිණි ගිනි නිවන භටයෙකුගේ පවුලේ පිරිසක් මෙලෙස මියගොස් ඇති බවටයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ තම පවුලේ සාමාජිකයන් බවට එම ගිනි නිවන නිලධාරියා දැනගෙන ඇත්තේ එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. මියගිය පිරිසෙන් හය දෙනෙකුගේ නම් පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිසිය තහවුරු කර ඇති අතර වයස අවුරුදු පහ, හය සහ හත යන වයස්වල පසු වූ කුඩා දරුවන් තවමත් හඳුනාගෙන නොමැති බවයි පැවසෙන්නේ..

ගිනි නිවන භටයෙකු වන හැරල්ඩ් බේකර්, මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය පිරිස අතර තම පුතා, දුව, මාමණ්ඩිය, මස්සිනා, නෑනා, මුණුබුරන් තිදෙනෙකු සහ තවත් ඥාතීන් දෙදෙනෙකු සිටින බවයි බවයි. මියගිය පිරිස අතර සිටි පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයෙකු තම නිවසේ වාසය නොකළ බවත් ගිම්හාන සෘතුව හේතුවෙන් තම නිවසට පැමිණ සිටි බවත් එම ගිනි නිවන භටයා ප්‍රකාශ කර ඇති බව සඳහන්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery