පෞද්ගලික අංශයේ රැකියා කරන අයගේ පළමු වරට කරපු දේ මෙන්න..දීමනා 100%ක් වැඩි කරන්න ගිහින් වෙච්ච දේ..
අල්ලස් කොමිසම සඳහන් කර සිටින්නේ, පෞද්ගලික අංශයේ පළමු අල්ලස් වැටලීම පසු ගිය 26 වන දා සිදු කළ බවයි.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික සංචාරක හෝටලයක ගණකාධිකාරවරයකු සහ මානව සම්පත් කළමනාකරුවෙක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනා එකී හෝටලයේ සේවිකාවකට දැනට ලබා දෙන සියයට හැත්තෑපහේ සේවා දීමනාව සියයට සියයක් කරදීම, ඇයගේ සේවය ස්ථිර කරදීම, කරදරයකින් තොරව රැකියාව කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරදීම යන කරුණු සඳහා ඇගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හබරණ ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකට ඇයට එන ලෙසද දන්වා ඇත. අනුරාධපුර පදිංචිකාරියක වන ඇය මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධරින්ගේද දැනුවත්භාවය මත ඇය අදාළ හෝටලයේ කාමරයට ගොස් තිබේ.
අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදීයි.
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, මෙතෙක් කලක් රාජ්‍ය අංශයේ අල්ලස් හෝ දූෂණ සම්බන්ධව කටයුතු කිරීමට පමණක් පැවති බලතල අභිභවමින් නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමටද ලැබී ඇති බලතල අනුව මෙම වැටලීම කර ඇති බවයි.