ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැන විශේෂ තීරණය..
Central Bank of Sri Lanka
Ranjith Siyambalapitiya
Sri Lanka
By Sewvandhi
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, ලැබෙන පොලිය රුපියල් ලක්ෂයට වඩා අඩු එම ගිණුම් සඳහා 5% රඳවාගැනීමේ බද්ද ඉවත් කර තිබෙන බවයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.
“බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් බදු සීමාවට යටත් වෙනවා.නමුත් රඳවා ගැනීමේ බදු 5% අනුපාතයත් සමග රුපියල් ලක්ෂයට වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදු වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සහනයක් හැටියට මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට මෙහිදී තීරණය කර තිබෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |