උකස් කළ රන් භාණ්ඩ ගැන එළියට ආ නවතම අනාවරණය..

Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Dec 10, 2022 02:02 PM GMT
Report

මෙම වසරේ ඇති වූ ආර්ථික අපහසුතා හේතුවෙන් මුල් මාස 10 ක කාලය තුළ පුද්ගලයින් රුපියල් බිලියන 193කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතන වලට උකස් කර ඇති බව අනාවරණය වී ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කරන්නේ,ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් 13ක් සහ ප්‍රධාන උකස් ආයතන 10ක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණයවූ බවයි.

රන් ආභරණ උකස් කර ඇති පිරිසෙන් වැඩි දෙනෙකු මධ්‍යම පාන්තිකයින් වන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, කෘෂිකාර්මික කටයුතු ඇතුළු කාරණා සඳහා මෙම මුදල් යොදාගෙන ඇති බවට ද අනාවරණය වු බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් වර්තමානයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට ජනතාව වැඩි වශයෙන් යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සඳහන් කරන මහාචාර්යවරයා, එම මධ්‍යස්ථානවලින් වැඩි මුදලක් ජනතාවට ලබාදීම ඊට හේතුව වී ඇති බව ද පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now