"..මගේ බිරිඳ බාධාවක් නෑ.." හෙට තරගය ගැන පැතුම් නිශ්ශංක කියන දේ..

Sri Lanka Cricket Sri Lanka Pathum Nissanka
By Sithumi Nov 29, 2022 11:05 AM GMT
Report

ඇෆ්ගනිස්තානය සමඟ හෙට පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් රැසක් සමගින් සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක.

"හැම තරගයකටම අපිට සැලසුම් තියෙනවා. ඒවා තරගයෙන් තරගයට වෙනස්වෙනවා. මේ තරගයටත් සැලසුම් දාගෙන තියෙන්නේ. කණ්ඩායමත් එක්ක කතාකරලා ඒවා හරියට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ තරග අපිට හැම එකක්ම අපිට වැදගත් අපි බලන්නේ හැම තරගයක් ම ජයග්‍රහණය කරන්න."

"ඇත්තටම මං ගැන මට සතුටක් තියෙනවා. මම බලන්නේ මගේ දේ මගේ රට වෙනුවෙන් දෙන්න. ෆිට්නස් කියන්නේ ක්‍රීඩකයෙකුට ගොඩාක් වැදගත් දෙයක් අපි ඒක දැනගන්න ඕන පෞද්ගලිකව කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. ඒකට මම පෞද්ගලිකව වැඩ කරනවා. මගේ කණ්ඩායමේ පුහුණුකරු එක්ක වැඩ කරනවා. මම හිතනවා මට ඒක ලොකු උදව්වක් වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් ලොකු සතුටක් තියෙනවා මම පටන් ගත්ත විදියයි දැන් ඉන්න විදියයි. ඉතින් මම මං ගැන ලොකු සතුටක් තියෙනවා. තරගාවලියක් ඉවර වෙනකොට ඊලඟ තරගාවලියට සූදානම් වෙන්න ඕන." 

 "විවාහය ගැන සතුටුයි පෞද්ගලිකව මොනවා වුණත් රට වෙනුවෙන් සෙල්ලම් කරද්දී ඒ රාජකාරිය අපි හරියට කරන්න ඕන අපි ඉතින්. ඒ හින්දා මට ආයෙමත් කණ්ඩායමට එකතුවෙන්න වුණා. මුල්තැන දෙන්න ඕන ක්‍රීඩාවට. මගේ බිරිඳගෙන් ඒකට බාධාවක් නෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now