ශ්‍රී ලංකාවේ ගීතයකට ප්‍රථම වරට ජාත්‍යන්තරයේදී සිදු වූ දේ මෙන්න..(PHOTOS)

Cinema Lead Sri Lanka World
By Aruna Jul 19, 2024 01:03 AM GMT
Report

ශ්‍රී ලාංකේය ගායිකාවක හා රංගන ශිල්පිනියක වන වෛද්‍ය කාන්චනමාලා රණසිංහ ගායනා කළ ‘‘පතිනියක වී’’ ගීතය ‘‘ලෝක මහද්වීපික සංගීත සම්මාන – 2024’’ (World international Music Awards) උළෙලේ ආසියානු සම්භාව්‍ය අංශයෙන් අවසන් වටයට තෝරාගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවැනි අවසන් වටයට ලාංකීය ගීතයක් තෝරාගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

එහි ආසියානු සම්භාව්‍ය අංශයේ (Asia region Classical) ඉහළම තැන මෙයට හිමි වී තිබීම විශේෂත්වයක්.

මෙරට ප්‍රධාන ෆිනෑන්ස් ආයතනයක විශාල මූල්‍ය වංචාවක් හෙළිවෙයි..ගිණුම් හිමියන්ගේ සල්ලි වලට වුනදේ බලන්න..

මෙරට ප්‍රධාන ෆිනෑන්ස් ආයතනයක විශාල මූල්‍ය වංචාවක් හෙළිවෙයි..ගිණුම් හිමියන්ගේ සල්ලි වලට වුනදේ බලන්න..


මෙහි ජයග්‍රාහකයන් අගෝස්තු 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ලෝක මහද්වීපික සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටයි.

වෛද්‍ය කාංචනමාලා රණසිංහ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඇය එහි ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනියක ලෙස කටයුතු කරන්නීයක් ලෙසයි සැලකෙන්නේ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයේ රඟපෑ මාලිනී රණසිංහ හා ටෙරන්ස් රණසිංහ යුවළගේ දියණිය වන වෛද්‍ය කාංචනමාලාද ‘‘සිංහබාහු’’ නාට්‍යයේ පුෂ්පා දේවිය ලෙස රඟපෑම විශේෂත්වයක් බවට පත් වුණා.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


ඇය මේ වනවිට ගීත රඟපෑම විශේෂත්වයක් වනවා.

ඇය මේ වනවිට ගීත රැසක් ගායනා කර අන්තර්ජාලයට එක්කර ඇති අතර, ‘සඳ පහන් රෑ’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක්ද 2023 වසරේදී මෙරටදී පැවැත් වුණා.