පාඨලීගේ රිය අනතුරු නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගය.

Champika Ranawaka Sri Lanka Politician Sri Lanka Accident
By krishani Jul 31, 2023 04:21 PM GMT
Report

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව අද (31) දින කැඳවන ලදී.

එහිදී කොළඹ මහාධිකරණය විසින් නොවැම්බර් මස 23 දක්වා එම නඩුව කල් තැබීමට නියම කළේ ය.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ, 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයාට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ය.