ඩොලර් මිලියන 5ක් 6ක් නැතුව රට වටේ හිඟමනේ යනවා" මන්ත්‍රීවරයෙක්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..
සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍යංශ අධීක්ෂණ සභාවලට සම්බන්ධ විය හැකි ආකාරයේ යාන්ත්‍රණයක් හඳුන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී අද (23) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ස්වාධීන අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් අමාත්‍යංශ ලේකම් ධුරවලට පත්කළ යුතුබවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ එවැනි ක්‍රියාවලියකින් සිදුකළහොත් ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීමට හැකිවන බවය.
"අපි යෝජනා කළා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසට. මේ සර්ව පාක්ෂික යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් ආකාරයක ප්‍රතිපත්ති සභාවක් නායකයින්ගෙන් සමන්විතව පාර්ලිමේන්තුවේ ඇතිකර ගැනීමත්. ඒ අය අවම ආර්ථික දේශපාලනමය වැඩපිළිවෙලකට එකඟවීමත්.
දෙවනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 224 දෙනාටම එකඟ වියහැකි ලෙස ඔවුන්ව අමාත්‍යංශ අධීක්ෂණ සභාවලට සම්බන්ධකර ගන්න කියලා. අපි යෝජනා කළා අමාත්‍යාංශ 20ක් ඇති කරලා ඒ 20ට මේ 224 දෙනා 12 බැගින් පක්ෂ විපක්ෂ සියලුදෙනා සම්බන්ධ කරගෙන ඒ තුළින් ඒ අමාත්‍යාංශවල කටයුතු පරිපාලනය සඳහා පියවර ගන්න කියලා.
මේ අර්බුදය විසඳන්න බෑ ඇතැම් නිලධාරීන් එක්ක. මේ නිලධාරීන් මේ අස්සේ තාමත් තම තමන්ගේ පුද්ගලික ගනුදෙනු ගැටලු ඇති කිරීම් කරනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තීරණය කළා කුණාටු සහගත තත්ත්වයක් දවස් 5ක් තියෙනවා ඒක නිසා ලොරිවලින් ගෑස් අදින්න.
ගෑස් ටැංකි 4,000,000ක හිඟයක් තියෙනවා. 50,000ක් 80,000ක් දෙන්න. පැය 12යි වැඩ කරන්නේ. මේ තනි පුද්ගලයෙකුට පුලුවන්ද මේ වගේ තීරණ ගන්න. අපි කියනවා TERM TENDER එක කියලා. දිගු කාලීන සැපයුම පෙබරවාරි මාසේ අවසන් වෙනවා, ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ තමයි එකට අවශ්‍ය ටෙන්ඩර් පාටිපාටිය ගෙන්න ඕනේ. ඒ ටෙන්ඩර් පටිපාටිය තාම ගෙනැල්ලා නෑ.
එතකොට ඒ නිලධාරීන් සම්බන්ධයෙන් මොකක්ද ගන්න පියවර. ඔවුන් සතුව තිබුණු ඩොලර් මිලියන 50ක් ඔවුන් ශ්‍රී සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍යංශ අධීක්ෂණ සභාවලට සම්බන්ධ විය හැකි ආකාරයේ යාන්ත්‍රණයක් හඳුන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී අද (23) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ස්වාධීන අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් අමාත්‍යංශ ලේකම් ධුරවලට පත්කළ යුතුබවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ එවැනි ක්‍රියාවලියකින් සිදුකළහොත් ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීමට හැකිවන බවය.
"අපි යෝජනා කළා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසට. මේ සර්ව පාක්ෂික යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් ආකාරයක ප්‍රතිපත්ති සභාවක් නායකයින්ගෙන් සමන්විතව පාර්ලිමේන්තුවේ ඇතිකර ගැනීමත්. ඒ අය අවම ආර්ථික දේශපාලනමය වැඩපිළිවෙලකට එකඟවීමත්. දෙවනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 224 දෙනාටම එකඟ වියහැකි ලෙස ඔවුන්ව අමාත්‍යංශ අධීක්ෂණ සභාවලට සම්බන්ධකර ගන්න කියලා. අපි යෝජනා කළා අමාත්‍යාංශ 20ක් ඇති කරලා ඒ 20ට මේ 224 දෙනා 12 බැගින් පක්ෂ විපක්ෂ සියලුදෙනා සම්බන්ධ කරගෙන ඒ තුළින් ඒ අමාත්‍යාංශවල කටයුතු පරිපාලනය සඳහා පියවර ගන්න කියලා.
මේ අර්බුදය විසඳන්න බෑ ඇතැම් නිලධාරීන් එක්ක. මේ නිලධාරීන් මේ අස්සේ තාමත් තම තමන්ගේ පුද්ගලික ගනුදෙනු ගැටලු ඇති කිරීම් කරනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තීරණය කළා කුණාටු සහගත තත්ත්වයක් දවස් 5ක් තියෙනවා ඒක නිසා ලොරිවලින් ගෑස් අදින්න. ගෑස් ටැංකි 4,000,000ක හිඟයක් තියෙනවා. 50,000ක් 80,000ක් දෙන්න. පැය 12යි වැඩ කරන්නේ. මේ තනි පුද්ගලයෙකුට පුලුවන්ද මේ වගේ තීරණ ගන්න. අපි කියනවා TERM TENDER එක කියලා. දිගු කාලීන සැපයුම පෙබරවාරි මාසේ අවසන් වෙනවා, ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ තමයි එකට අවශ්‍ය ටෙන්ඩර් පාටිපාටිය ගෙන්න ඕනේ. ඒ ටෙන්ඩර් පටිපාටිය තාම ගෙනැල්ලා නෑ. එතකොට ඒ නිලධාරීන් සම්බන්ධයෙන් මොකක්ද ගන්න පියවර. ඔවුන් සතුව තිබුණු ඩොලර් මිලියන 50ක් ඔවුන් ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කරවල දාලා දැන් ලංකා බැංකුව හරහා ගන්න බැරුව ඉන්නවා. ඒ ඩොලර් මිලියන 50 තිබුණානම් අද මේ එළියේ තියෙන ගෑස් නැව් ඔක්කෝම වගේ අපිට මිල දී ගන්න පුලුවන්. ගෑස් නැවක් ගන්න ඩොලර් මිලියන 5ක් 6ක් නැතුව තමයි මේ රට වටේ හිඟමනේ යන්නේ. පාරවල් වල තියෙන තෙල් පෝලීම් විසඳගන්න, විදුලිබල අර්බුදය විසඳගන්න මෙවැනි සමූහික ප්‍රයත්නයකට පුලුවන්. මේ කබ්රාල් පන්නයේ පත්වීම්වලට මේ රටේ අර්බුදය විසඳන්න බෑ. ස්වාධීන වැදගත් වෘත්තීය පිරිසක් අමාත්‍යාංශවල ලේකම් ධුරවලට හා විශේෂයෙන් මේ අර්බුදයට ලක්වෙලා තිබෙනව ආයතනවලට පත්කරන්න. මහ බැංකු අධිපතිවරයා වැනි රට පිළිගත් පිරිසක් එතනට පත්කරන්න කියන ඉල්ලීම අපි කරනවා. එතකොට තමයි ඒක සර්ව පාක්ෂික ආණ්ඩුව වෙන්නේ. එතකොට තමයි ඒක ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාව ගැන විශ්වාස කරන පණිවිඩයක් වෙන්නේ."
සංවර්ධන බැදුම්කරවල දාලා දැන් ලංකා බැංකුව හරහා ගන්න බැරුව ඉන්නවා. ඒ ඩොලර් මිලියන 50 තිබුණානම් අද මේ එළියේ තියෙන ගෑස් නැව් ඔක්කෝම වගේ අපිට මිල දී ගන්න පුලුවන්. ගෑස් නැවක් ගන්න ඩොලර් මිලියන 5ක් 6ක් නැතුව තමයි මේ රට වටේ හිඟමනේ යන්නේ. පාරවල් වල තියෙන තෙල් පෝලීම් විසඳගන්න, විදුලිබල අර්බුදය විසඳගන්න මෙවැනි සමූහික ප්‍රයත්නයකට පුලුවන්. මේ කබ්රාල් පන්නයේ පත්වීම්වලට මේ රටේ අර්බුදය විසඳන්න බෑ. ස්වාධීන වැදගත් වෘත්තීය පිරිසක් අමාත්‍යාංශවල ලේකම් ධුරවලට හා විශේෂයෙන් මේ අර්බුදයට ලක්වෙලා තිබෙනව ආයතනවලට පත්කරන්න. මහ බැංකු අධිපතිවරයා වැනි රට පිළිගත් පිරිසක් එතනට පත්කරන්න කියන ඉල්ලීම අපි කරනවා. එතකොට තමයි ඒක සර්ව පාක්ෂික ආණ්ඩුව වෙන්නේ. එතකොට තමයි ඒක ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාව ගැන විශ්වාස කරන පණිවිඩයක් වෙන්නේ."