පැශන් ෆෘට් පොප්සිකල්.
Passionfruit
By Wayomi
පැශන් ෆෘට් වලින් රස පොප්සිකල් හදමුද?
අවශ්‍ය ද්‍රව්‍ය
? පැශන් ෆෘට් පල්ප් කෝප්ප 1/2
? කිරි කෝප්ප 1 1/4
? සීනි මේසහැඳි 3
? වැනිලා ස්වල්පයක්
? කෝන්ෆ්ලා මේසහැඳි 1
සාදාගන්න ආකාරය
? පෑන් එකට කිරි ටික දාලා ලිපේ තියන්න.
? සීනි හා වැනිලා ටික දාලා හොඳට හැඳිගාන්න.
? කෝන්ෆ්ලා ටික වතුර මේසහැඳි 2ක දියකරලා මේකට එකතු කරන්න.
? ලම්ප්ස් නැතිවෙනකල් හැඳිගාලා කිරි ටික උතුරවගන්න.
? ටිකක් තික්වේගෙන එනකොට ලිපෙන්බාගන්න.
? දැන් මේක නිවෙන්න තියලා පැශන්ෆෘට් පලප් එක එකතු කරන්න.
? හොඳට කලවම් කරලා පොප්සිකල් මෝල්ඩ් වලට දාලාපැය 6-7ක් ෆ්‍රීස් කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |