විදෙස්ගත වන්නන්ට සුබ ආරංචියක්..පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් නගරයකත් හෙටින් ඇරැඹේ

Kurunegala Sri Lanka Passport
By Sewvandhi Jul 10, 2022 03:20 PM GMT
Report

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දෙවැනි පියවර වන කුරුණෑගල කාර්යාලයෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (11) ආරම්භ වන බවත් ඒ අනුව කලින් දිනය සහ වේලාව වෙන්කරගත් අයදුම්කරුවන්ට ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

මාතර, වවුනියාව, මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශීය කාර්යාලවලින් එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ දිනයක් සහ වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් දිනයක් සහ වේලාවක් වෙන්කර නොගත් පුද්ගලයන්ට ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට ඇතුල්විය අවසර නොලැබෙන බවත් බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවත් දිනයන් සහ වේලාවන් වෙන්කරගන්නා අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවත් ඇය වැඩි දුරටත් කීවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now