පාස්පෝට් ගන්න අයට මෙන්න විශේෂ පණිවුඩයක්..මේ ගැන දැනුවත් වන්න.
ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සදහා යොදාගන්නා පාස්පොත් ශේෂ වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හාරසියයක් දක්වා අවම වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.
ප්‍රධාන පුවත් වෙබ් අඩවියක් පවසන්නේ, මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ හතළිස් දහසක පමණ පාස්පොත් සංඛ්‍යාවක් බවයි.
විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍ර ක්‍රමවේදය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිත හෙයින් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කළ පොත් මිලදී නොගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.
අද ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි. ලග්න 04ක අයට රතු එළියක්..කාන්තා ආකර්ෂණයත් වැඩි වෙයි.
කෙසේ වෙතත් විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍ර පොත් ඔක්තෝබර් මස 15 වැනිදා ලැබෙන හෙයින් මේ වනවිට ගුවන් ගමන් බලපත්‍ර එක්දින හා සාමාන්‍ය සේවා යටතේ නිකුත් කිරීම ගැටලුකාරී තත්ත්වයකට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
සාමාන්‍ය පරිදි දිනකට එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර 1200 ක පමණ සංඛ්‍යාවක් නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙර සිටම කටයුතු කළ නමුත් මේ වනවිට පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ ගුවන් ගමන් බලපත්‍ර දීම දෙපාර්තමේන්තුවේ වෙබි අඩවියේ සදහන් අතිශය හදිසි (URGENT) විකල්පය ඔස්සේ දුරකතන අංකය ඇතුළත් කළ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.
ඒ පසුගිය සිකුරාදා (19 වැනිදා) සිට වීම විශේෂත්වයක්.
ඒ ඔස්සේ ලියාපදිංචි වන පුද්ගලයන් සඳහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන අතර මෙම ක්‍රමවේදය නිසා බොහෝ දෙනකු අපහසුතාවට ද ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ, නව විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍ර කුමවේදයට අනුව චීපයක් මගින් ගුවන් මගියාගේ ඇඟිලි සලකුණු හා දත්ත ජාලගත වන බවයි.