චමුදිත සමග පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක වීඩියෝවක් කළ ප්‍රබලයෙක් අත් අඩංගුවට ගනී.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Jul 21, 2024 04:27 AM GMT
Report

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු අනාවරණයන් සිදු කළ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂක අසංග අබේගුණසේකර මහතා දිවයිනට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද (21) අළුයම අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අසංග අබේගුණසේකර මහතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිව සිටින සමයේදී ආරක්ෂක විද්‍යායතනයෙන් ස්ථාන මාරුකිරීමට කටයුතු කරන ලද අතර, පසුව ඒ මහතා යූටියුබ් වැඩසටහනකදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනාත්මක කරුණු රාශියක් හෙළිදරව් කරන ලදී.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


2021.08.09 වන දින "truth with chamuditha " YouTube නාලිකාව ඔස්සේ එහි ක්‍රියාකරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් "අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා- පාස්කු ප්‍රහාරයේ ජනතාවගෙන් වසං කළ කතාව" යන තේමාව යටතේ ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු ප්‍රධානී අසංග අබේගුණසේකර මහතා සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් ප්‍රකාශ කර ඇත.

පසුව, එම වැඩසටහන යම් යම් දේශපාලන බලපෑම් මත යූටියුබ් නාලිකාවෙන් ඉවත් කරන ලදී.

මේ අතර රාජ්‍ය සේවා බුද්ධි අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

අදාල වාර්තාව පහතින් දැක්වේ.

චමුදිත සමග පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක වීඩියෝවක් කළ ප්‍රබලයෙක් අත් අඩංගුවට ගනී. | Pasku Attack Arrested

අසංග අබේගුණසේකර මහතා මෙරට ප්‍රසිද්ධ දේශපාලකයකු වූ ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයා බවයි පැවසෙන්නේ.

මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවරූ නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව, ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය විසින් මේ වන විට දැනුම්දී තිබෙනවා.