පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු රැසක් හෙළි වූ, යූටියුබ් එකෙන් ඉවත් කළ ආන්දෝලනාත්මක වීඩියෝව යළි එළියට එයි..(VIDEO)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවරූ නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව, ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය විසින් දැනුම්දී තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද (21) අළුයම බවයි පැවසෙන්නේ.
අසංග අබේගුණසේකර මහතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිව සිටින සමයේදී ආරක්ෂක විද්‍යායතනයෙන් ස්ථාන මාරුකිරීමට කටයුතු කරන ලද අතර, පසුව ඒ මහතා යූටියුබ් වැඩසටහනකදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනාත්මක කරුණු රාශියක් හෙළිදරව් කරන ලදී.
2021.08.09 වන දින "truth with chamuditha " YouTube නාලිකාව ඔස්සේ එහි ක්‍රියාකරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් "අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා- පාස්කු ප්‍රහාරයේ ජනතාවගෙන් වසං කළ කතාව" යන තේමාව යටතේ ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු ප්‍රධානී අසංග අබේගුණසේකර මහතා සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් ප්‍රකාශ කර ඇත.
පසුව, එම වැඩසටහන යම් යම් දේශපාලන බලපෑම් මත යූටියුබ් නාලිකාවෙන් ඉවත් කරන ලදී.
එම ඉවත් කරනු ලැබූ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.
අදාල ආන්දෝලනාත්මක වීඩියෝව පහතින් නරඹන්න.