චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර කැඳවයි

Cricket Dinesh Chandimal Sports Latest Headlines Sinhala news
By R.rishma Aug 18, 2026 10:37 AM GMT
Report

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගයේදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර Concussion Replacement ක්‍රීඩකයා ලෙස කැඳවීමට තීරණය කර තිබේ.

සීමා මායිම ආසන්නයේදී හතරේ පහරක් වැළැක්වීමට උත්සාහ කිරීමේදී අද (18) උදෑසන චන්දිමාල් ආබාධයට ලක්ව ඇති අතර, එහිදී ඔහුගේ දකුණු උරහිසට සහ බෙල්ලට හානි සිදුවී ඇති බව අනාවරණය වී ඇත.

අනතුරුව ඔහු ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර, එහිදී අභ්‍යන්තර තුවාල කිසිවක් සිදුව නොමැති බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ සහ කණ්ඩායම් භෞතචිකිත්සකවරයාගේ නිර්දේශ මත චන්දිමාල්ට නැවත තරගයට එක්වීමට තරම් සුදුසු ශාරීරික තත්ත්වයක් නොමැති බවට තක්සේරු කර ඇත.

ඒ අනුව පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවීමට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතාගේ අනුමැතිය හිමිව තිබේ.