ගිරා මත්ස්‍යයින්ට අභය දානය දිය යුත්තේ ඇයි?
අපගේ සාගරේ ආහාරයට ගත හැකි නොයෙක් මසුන් වර්ග වලින් බහුලයි. මාළු ආහාරඅපිට හිඟ නැහැ. ඒත් කනවයි කියලා හැම මාළු වර්ගයක්ම එහෙමත් නැත්නම් මත්ස්‍ය වර්ගයක්ම ආහාරයට ගැනීම උචිත නැහැ. නමුත් සමහර මාළු වර්ග ඉන්නවා ඔවුන්ව අපි ආරක්ෂා කළ යුතුයි. ඔවුන් ආවේණික වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් දුර්ලභ හෝ පරිසරයේ පැවැත්මට දායක වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ කියන්නෙත් ඇතැමුන් ආහාරයට ගන්න, නමුත් අප විසින් රැක ගත යුතු, සාගර පද්ධතියට මහඟු සේවයක් කරන මත්ස්‍ය විශේෂයක් ගැනයි.
🐟 මොවුන් හඳුන්වනේ parrot fish කියලා.
🐟 කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ගිරා මත්සයා මල කොරල්පර කොටස් සහ කොරල් පර වලට අහිතකර ඇල්ගී විශාල වශයෙන් ආහාරයට ගන්නවා.උන්ගේ දින චර්යාවෙන් 90% ක කාලයක් ගත වන්නේ කොරල් පර ආශ්‍රිතව ආහාර ලබා ගැනීමටයි.
🐟 නිවර්තන කලාපයේ කොරල්පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී තිබෙනවා.මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල් පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයන් ගෙන් සිදුවන සේවය සිදුවන්නේ නැහැ.
🐟 සියල්ලටම වඩා වැදගත් දේ තමයි ගිරා මත්සයා සිය වසුරු ලෙස පිරිසිදු සුදු වැලි පිට කිරීම. එක් parrot fish කෙනෙක් වසරකට සුදුවැලි කිලෝ ග්‍රෑම් 320 එනම් රාත්තල් හත්සියයක් පමණ පිට කරනු ලබනවා.
🐟 වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආශ්රිත කොරල් පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |