කොළ රකින්න පාර්ලිමේන්තුවෙන් අලුත්ම වැඩක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලු වාර්තා මෘදු පිටපත් ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ කඩදාසි සඳහා වැයවන අධික පිරිවැය හේතුකොටගෙන එම පියවර ගත් බව ව්‍යවස්ථාදායක සේවා සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එච්. ඊ. ජනකාන්ත සිල්වා මහතා පවසයි.
මේ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ එම අදාළ වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවය.
පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා මේ වනවිට මෘදු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, 2023 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන කාලසීමාවේදී ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාද මෘදු පිටපත් වශයෙන් මන්ත්‍රීවරයන් වෙත ලබා දීමට තීරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |