කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ගෙනආ සංශෝධනවලට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය මෙන්න. - (UPDATE)
                                    
                    Parliament of Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කර ගන්නා ලදී.
UPDATE
...............................................................................
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමට ගෙනආ සංශෝධන සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී ඡන්ද පවත්වනු ලැබුවා.
මෙම ඡන්දය පවත්වනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ගෙනආ සංශෝධන සම්බන්ධයෙනි.
ඒ් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ගෙනආ සංශෝධනවලට පක්ෂව ඡන්ද 05ක් සහ විරුද්ධව ඡන්ද 14ක් හිමිවිය.
පසුව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ගෙනආ සංශෝධන වැඩි ඡන්ද 09කින් ප්‍රතික්ෂේප වූ අතර තිදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    