ජනපති හදිසියේ රටින් පිටව යද්දී අද පාර්ලිමේන්තුවේ වෙන්න යන දේ මෙන්න.(LIVE)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද ආරම්භවී තිබෙනවා.
9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය ඊයේ (07) ආරම්භ වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ආර්ථිකය ස්ථාවර වීමත් සමඟ වැට් ඇතුළු බදු බර අඩු කිරීමට පියවර ගන්නා බවයි, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
පුද්ගලික අභිමතාර්ථ පසෙකලා අලුත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් කරන බවද ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් අවධාරණය කළේ ය.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,
මේ අතර හෙට සහ අනිද්දා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඉන්දීය පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් අනුව එහි ගිය ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳවද සොයා බැලීමට නියමිත බවයි.