අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුවට සිදු වන දේ ගැන අලුත්ම ආරංචියක්..
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Politician
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද මධ්‍යම රාත්‍රියේදී වාර අවසාන කරනු ඇති බවට රජයේ අරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා.
එලෙස වාර අවසාන කෙරෙන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් ලබන මස 7 වනදා විවෘත කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුලු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී යන අතර, එම කාරක සභා සියල්ල පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු නැවත පිහිටුවිය යුතු වනවා.
මේ අතර, සිව්වන සභාවාරය අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව මෙම මෙස 27 හෝ 28 වන දිනයේ විසිරුවාහරින බවට ද විවිධ කතා පසු ගිය දිනයන්හි සමාජ මාධ්‍යයේ පැතිර ගියා.
                
                