පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්..අලුත්ම ආරංචිය මෙන්න..

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician
By Aruna Oct 28, 2023 06:50 AM GMT
Report

පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද කරන 2024 අය-වැය විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයක් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවොත් අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී තිබෙන බව වාර්තා වනවා.

දෙවැනි වර කියැවීමේදී අයවැය පරාජයට පත් නොකර කාරක සභා අවස්ථාවේ අයවැයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කළහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු පිරිසක් රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

පොදුජන පෙරමුණේ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් හා අමාත්‍යධූර දරන කිහිපදෙනෙකු අතර යම් යම් මත ගැටුම් පවතින බැවින් මෙම සූදානම ඇතිවී තිබෙන බව වාර්තා වේ.

2024 සඳහා වන අයවැය නොවැම්බර 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කුසල් මෙන්ඩිස් වෙනත් කණ්ඩායමකට එක් වෙයි..Facebook සටහනක් තබමින් තහවුරු කරයි...

කුසල් මෙන්ඩිස් වෙනත් කණ්ඩායමකට එක් වෙයි..Facebook සටහනක් තබමින් තහවුරු කරයි...