පාර්ලිමේන්තුවේ ඇදුම් ගලවා සිදුවූ දේ..වැරදි යට ඇදුම් ගලවන්න බැහැ..(LIVE)
පාර්ලිමේන්තුව අද(19) පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.
හෙට දිනයේ පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳව විපක්ෂය ගෙන එන සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කරන බවයි සඳහන් වන්නේ.
මේ අතර ඊයේ දිනයේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තුවට නුසුදුස ඇඳුමක් ඇඳ සිටි අමාත්‍යවරයාගේ ඡන්දය අවලංගු කරන ලෙසට මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඉල්ලීමක් කළා.
එහි දී ඔහු ප්‍රකාශ කළේ, අදාළ අමාත්‍යවරයා තමන් ඇඳ සිටි කබාය ගලවා දමා සභාව තුළ සිට ඇති බවයි.
වැරදි යට ඇඳුමක් ඇඳගෙන පැමිණ එය පාර්ලිමේතුව තුල මාරු කිරීමට හැකි නම් එය සභාව තුලට නුසුදුසු බව ද ඔහු අවධාරණය කළා.
'' පාර්ලිමේන්තුවේ දී ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවට නුසුදුසු ඇඳුමක් ඇඳගත්ත ඇමතිවරයෙක් හිටියා.
ඒ අවස්ථාවේ දී ඇමතිවරයා කෝට් එක ගැලෙව්වා. මේ සභාව තුළ ඇඳුම් මාරු කරන්න බැහැ.
ඒක ඔබතුමාටත් කරන අගෞරවයක්. වෙන කවුරු හරි කෙනෙක් වැරදි යට කලිසමක් ඇඳගෙන ඇවිල්ලා, ඒක ගලවලා වෙන එකක් ඇඳගන්න පුළුවන් නම් සභාව ඇතුළේ.
ඒක නුසුදුසුයි. ඒ සම්බන්ධයෙන් ඔබතුමටත්, වේත්‍රධාරීටත් ලොකු වගකීමක් තියෙනවා.
ඒ නිසා ඡන්ද විමසීමේ දී නුසුදුසු ඇඳුමෙන් හිටපු ඇමතිවරයාගේ ඡන්දය ඉවත් කිරීම කමා ඔබතුමා කරන්න ඕනේ. ඔබතුමා එක දවසක් මාව සභාවෙන් ඉවත් කළා.
ඒ නිසා ඔබතුමාගේ ඇස් ඉස්සරහා ඇඳුම් ගලවපු. හෙට අනිද්දා මේ සභාව ඇතුළේ සරම් ගලවන්නත් පුළුවන්.."
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,