මුළු රටම බලාසිටින විශේෂ දිනය අදයි..වෙලාව මෙන්න..(LIVE)

Parliament of Sri Lanka Keheliya Rambukwella Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya
By Aruna Sep 08, 2023 04:16 AM GMT
Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද(08) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය දෙදින තුළ එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර අද පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ අතර, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, විපක්ෂයේ සියලු

කණ්ඩායම් ඊට සහය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇති බවයි. මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශ කළේ, විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ පොදු එකඟතාවකට එළඹිමට පත්ව නොමැති බවයි.

එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ආණ්ඩුවට සහය දෙන පිරිස් බොහෝ දුරට පක්ෂව ඡන්දය ලබා දීමට ඉඩ ඇති බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට අදාළ සිය ස්ථාවරය මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.