සැප්තැම්බර් 05,06, 07 සහ 08 දින මේ අයට විශේෂ වෙයි..ජනපතිගෙන් හදිසි දැනුම්දීමක්..
ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 05,06,07 සහ 08 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කර තිබෙන්නේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් බවයි පැවසෙන්නේ.
ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ රෝහලවල ඖෂධ ගැටළු නිසා රෝගීන් මියයාම් රාශියක් වාර්තාවන්නට විය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය විසින් කටයුතු කළා.
මෙලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදයේදී ඖෂධ ගැටලුවලින් මියගිය පවුල්වල සාමාජිකයින්ට පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට පැමිණෙන ලෙසට තමන් ආරාධනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඖෂධ ගැටලුවලින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නොමැති බවයි.