පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..මන්ත්‍රීවරුන් පිරිසක් අද කරපු දේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද උදෑසන පාර්ලිමේන්තුවේ සභාගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වන්නට වුණා.
ඒ, ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ - රත්වත්ත වතුයායේ සහකාර කළමනාකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බවයි පැවසෙන්නේ.
එහි නිවසක ජීවත් වූ පවුල් 3 ක පුද්ගලයන් 14 දෙනෙකු බලහත්කාරයෙන් ඉවත් කර අදාළ නිවස කඩා එහි දේපල වලටද අලාභහානි සිදුකළ බව ඔහුට චෝදනා එල්ලවූ අතර මේ සම්බන්ධයෙන් වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ ඔහු අතර බහින්බස්වීමක්ද ඇතිවිය.
මේ අතර අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව කථානායකවරයා එහිදී කියා සිටියේ ,එම වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් බවයි.