ජනමත විචාරණයක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්.. පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE/UPDATE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Aug 10, 2023 04:22 AM GMT
Report

 Update

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කරගැනීම සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10) දැනුම් දෙමිනුයි මේ බව ප්‍රකාශ කළේ. 

.....................................................................

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා.

මෙම කල් තැබීමේ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

වතු ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකිරීම මෙම විවාදයේ අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේ.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,