හෙටින් පසු නව වසරේ (2023) පාර්ලිමේන්තුව රැස්වෙන හැටි...

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Dec 12, 2022 12:18 PM GMT
Report

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කියා සිටින්නේ හෙට (13) පැවැත්වෙන රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව යළිත් රැස්වෙන්නේ 2023 වසරේ ජනවාරි පස්වැනිදා බවයි.

අද (12) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා දන්වා ඇත.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්විය.

මේ අනුව 2023 ජනවාරි 05, බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද පැවැත්වීමට ද තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now