අයවැයට පෙර කැබිනට්ටුවේ වෙනසක්?..

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Nov 05, 2022 05:52 AM GMT
Report

අයවැයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා වේ.

එම නව අමාත්‍ය ධුර සඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, සී.බී රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුන් ද ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පත් කිරීමේ සූදානමක් ඇති බවට එම ආරංචි මාර්ග වාර්තා කරයි.

එයට අමතරව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු ද මෙම නව අමාත්‍යධුර බාර ගැනීමේ සූදානමින් පසුවන බවත් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join