අයවැය ඡන්ද විමසීමට දින නියම වේ..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By krishani
2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම නොවැම්බර් මස 14 වනදා සිදුකිරීමට නියමිත අතර අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට 22 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වෙයි.
එසේම අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 23 වනදා සිට දෙසැම්බර් මස 08 වනදා දක්වා දින 13ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව 2023 වසරේ අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08 වනදා පැවැත්වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |