කෝප් කමිටුවෙන් ඉවත් වීමට හර්ෂ තීරණය කරයි - ඒ වෙනුවට ප්‍රබලයෙකු විපක්ෂනායක නම් කරයි.. (PHOTO)

Parliament of Sri Lanka Sajith Premadasa Harsha de Silva
By krishani Oct 04, 2022 07:21 AM GMT
Report

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නව කමිටුවට නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇත.

අද (04) දින පාර්ලිමේන්තුව අමතමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කෝප් කමිටුවෙන් ඉවත්වීමට ස්වාධීන තීරණයක් ගෙන ඇති බවය.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මහාචාර්ය චරිත හේරත් මහතා යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර ඇති බවද ඒ මහතා  වැඩිදුරටත් පැවසීය.

27 දෙනෙකුගෙන් යුත් කෝප් කමිටුව කථානායකවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර එහි මහාචාර්ය චරිත හේරත්ගේ නම ඇතුළත් නොවීය.

නව කෝප් කමිටුව පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය හේරත් මහතා තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට, විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

JOIN


Gallery