"වැටුප් ගෙවන්නවත් ආණ්ඩුවට සල්ලි නෑ" - ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Bandula Gunawardane
By krishani Sep 21, 2022 05:29 AM GMT
Report

මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද(21) පාර්ලිමේන්තු දී පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය ආදායම මේ තරම් ප්‍රමාණයක් ඇන හිටීම හේතුවෙන් මේ වර්ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයක් මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවයි.

ඒ සඳහා නිදසුන් දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිම වූ ව්‍යාපෘතිවලට අදාල රුපියල් බිලියන සියයකට අධික ගෙවීම් කිරීමට ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව මූල්‍ය විනය පවත්වා ගැනීමේ කොන්දේසිය මත මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අච්චු ගැසීම සිදු කළ නොහැකි බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join