හෙට සිට පාර්ලිමේන්තුවේ වෙන අලුත් වෙනස..
පාර්ලිමේන්තුවේ මහජන ගැලරි හෙට සිට විවෘත කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය.
ඒ අනුව හෙට (20) සිට මෙය ක්‍රියාත්මක වන අතර රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 9යි 30 සිට පස්වරු 3 දක්වා පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබා දෙනු ඇත.
කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පසුගියදා ඉදිරිපත් කර තිබුණු අතර ඒ අනුව පාසල් බලධාරීන්ට තම අයදුම්පත් www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉල්ලුම් කළ හැකි වේ.
011 2 777 473 හෝ 0112 477 355 යන අංකවලට ෆැක්ස් පණිවුඩයක් යොමු කිරීමෙන් ද ඒ සඳහා හැකියාව පවතියි.
ඊට අමතරව විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශ සංචාරකයින්ට ද එම පහසුකම ලබාගත හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |