හදිසියේ පාර්ලිමේන්තුව රැස්වෙයි..හේතුව මෙන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
By Aruna
පාර්ලිමේන්තුව අද (04) පෙරවරු 10.00ට රැස්වී තිබෙනවා. බොහෝ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට වෙනම දිනයක් ලෙස අද ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගත් තීරණයක් අනුවයි අද මෙලෙස පාර්ලිමේන්තුව රැස්වන්නේ.
පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා මේ සඳහා කාලය වෙන් කර තිබෙනවා. ඒ අනුව කාලයක් තිස්සේ ඇසීමට නොහැකිව, ප්‍රමාද වූ ප්‍රශ්න 20කට පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව අද මන්ත්‍රීවරුන්ට හිමි වනු ඇති.
මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ, අත්‍යවශ්‍ය මහජන සේවා කාර්යක්ෂමව පවත්වා ගෙන යාමේ අරමුණින් එය විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |