පාර්ලිමේන්තුවේ සුපිරි බුෆේ ක්‍රමයට වෙන්න යන දේ..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට,එහි සේවකයන්ට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෝෂණය සහිත අඩු වියදම් සහිත ආහාර වේලක් ලබාදීම කෙරෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින් සැකසුණු බත් පාර්සලයක් ලබාදීම කෙරෙහි ද කතානායකවරයා කරුණූ සොයා බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල අත්හිටුවන්නැයි කතානායකවරයාට ලිපියක් බාර දෙමින් පසුගියදා ඉල්ලීමක් කළ අතර ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ දිවා ආහාර වේල ඊට පසු දින සිටම නතර කිරීමට පියවර ගත් බව කතානායකවරයා පාර්ලිමේන්තුවට ද දැනුම් දුන්නේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |