කථානායක විශේෂ පනත් 4ක් සහතික කරයි

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Nov 17, 2023 04:33 PM GMT
Report

අද (17) කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා සිය සහතිකය සටහන් කර තිබේ.

ඒ අනුව,කථානායකවරයා විසින් ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත්වලට  සිය සහතිකය සටහන් කර ඇත.

ඒ අනුව 2023 අංක 27 දරන ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත, 2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත, 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත සහ 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත අද සිට බලාත්මක වන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.