"මන්ත්‍රී සැප ’’ තව වැඩි කරගන්න යයි…

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Sep 10, 2022 03:00 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට ලැබෙන වෛද්‍ය රක්ෂණ මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි. එම මුදල ලක්ෂ දහයක් දක්වා වැඩි කළ යුතු බවට මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇත.

සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලක්ෂ දෙකේ වෛද්‍ය රක්ෂණය වෙනුවෙන් මූලික මුදල ලෙස රුපියල් අසූ දහසක මුදලක් වැය කරනු ලබන අතර වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10 කිරීමට නම් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම තවත් රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රජය අමතරව වැය කළ යුතු බව සඳහන් වේ.

කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම රටේ ආර්ථික තත්වය හේතුවෙන් තවත් මාස කීපයක් ප්‍රමාද කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ පූර්ණ එකඟත්වය පළවී ඇත.

යෝජනාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කිරීමටද එහිදී වැඩිදුරටත් තීරණය කෙරිණ. මන්ත්‍රීවරයකුගේ රියැදුරකුට දැනට ලැබෙන්නේ රුපියල් 35,000 පමණ මූලික වැටුපකි. මෙම වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් වැටුප තවත් රුපියල් දහදාහකින් පමණ වැඩි කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.(ලංකාදීප)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now