ඔලිම්පික් පදක්කම්ෙකතු කරන පෙම් යුවළ ගේ කතාව
2024 ඔලිම්පික් තරගාවලියේ මළල ක්රීඩා වලින් අමරිකා එක්සත් ජනපදය දැක්වූයේ සුවිශේෂී දක්ෂතා රැසක්.
මේ දක්ෂතා අතරට එකතු වෙන එක්කෙනෙක් වෙන්නේ ටරා ඩේවිස් වුඩ්හෝල්. ටාරා පැරිස් ඔලිම්පික් කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ජයග්රහණය කළා.
තවමත් 25 හැවිරිදි වියේ පසුවන ඇය දිනපු පළමු ඔලිම්පික් පදක්කමත් මේකම තමයි. ඇය මීට කලින් ටෝකියෝ ඔලිම්පික් අවසන් තරගය නියෝජනය කළත් එහි හිමිවෙන්නේ 6 වෙනි ස්ථානය.
2023 බුඩාපෙස්ට් ලෝක ශූරතාවයේ රිදී පදක්කම ජය ගන්න ටාරා සමත් වුණා. කොහොමහරි 2024 ඔලිම්පික් රන් පදක්කම ජය ගැනීමෙන් පස්සේ ටාරා ජයග්රහණය සමරන්න කෙලින්ම දුවන්නේ තමන්ගේ සැමියා ළඟට.
"ටීම් ටාරා" කියලා ගහපු ටී ශර්ට් එකක් ඇඳන් ඉන්න ඔහු කකුල් දෙකම නැති ආබාධිතයෙක්. ටාරාගේ සැමියා වන 25 හැවිරිදි හන්ටර් වුඩ්හෝල් කියන්නේ නිකන්ම නිකන් ආබාධිතයෙක් නෙමෙයි.
ඔහු පැරාලිම්පික් පදක්කම් දිනපු ධාවකයෙක්. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව තවත් සුවිශේෂී වෙන්නේ ඒකයි.
හන්ටර් මුළින්ම පැරාලිම්පික් එකකට එන්නේ 2016 දී. එතකොට ඔහුට වයස අවුරුදු 17 යි.
හන්ටර් රියෝ පැරාලිම්පික් එකේදී මීටර් 200 T44 කාණ්ඩයෙන් රිදී පදක්කමත් මීටර් 400 T44 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කමත් ජයග්රහණය කළා. එතැනින් නොනවතින හන්ටර් වුඩ්හෝල් 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 T62 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කමක් දිනුවා.
2024 ලෝක ශූරතා පැරා තරගාවලියෙදී රිදී පදක්කම් දෙකක් දිනන්නත් හන්ටර් සමත් වුණා. ටාරා තරග වදිනකොට ඇය පිටිපස්සෙන් හන්ටර් ඉන්නවා වගේම හන්ටර් තරග වදිනවා බලන්න ටාරා ත් එක් වෙනවා.
ඔවුන් දෙදෙනාම වෙනස් විදිහේ ආදර කතාවක් ලියන දෙන්නෙක්. ඔවුන් පුහුණු වෙන්නෙත් එකට.
මේ හේතුව හින්දම ටාරා - හන්ටර් ආදර කතාව පැරිස් ඔලිම්පික් තරගාවලියේ විශේෂ මාතෘකාවක් නිර්මාණය කළා.