දරුවන් ගැන පසුතැවිලි වෙන්න කලින් මේ දේවල් ඔලුවට දාගන්න.
- අම්මෙක් තාත්තෙක් තම දරුවන්ට දක්වන අසීමිත සෙනෙහස නිසාම කුඩා කාලයේ සිටම ඔවුන්ගේ සිත් සතුටු කරනවා. වෙහෙසක් මහන්සියක්, අඩුපාඩුවක් නොදැනෙන්න ඔවුන්ව උස්මහත් කරනවා. හැබැයි ඔබලා දෙමව්පියන් විදිහට වේදනා වලින් තොරව දරුවන්ව සතුටින් තබනවා නම් පසු කාලයක ඔබටම පසුතැවෙන්න සිද්ධ වේවි. ඔවුන්ව උස්මහත් කරද්දී ඉල්ලන හැමදේම ගෙනත් දීලා සතුටු කරලා, කවා පොවා පෝෂණය කරනවා වගේම ගුණවත් ,ආදරණීය මනුසත් කමෙන් පිරි මනුස්සයෙක් සමජගත කරන්න අමතක කරන්න එපා. අද රටේ වගේම ලෝකයේ ගොඩක් තැන් වලදී දකින්න ලැබෙන සිදුවීම දිහා බලද්දී ඔබට එය හොඳින්ම වැටහේවි.
පසුතැවිලි වෙන්න කලින් මේ දේවල් ගැනත් දැනගන්න.
👨👩👧👦 කොතරම් පොහොසත් වුණත් මිලදී ගත නොහැකි ඒත් ජීවිතේට අත්‍යවශ්‍යම හැඟීම් දැනීම් කියා දෙන්න . (කරුණාව,දයාව වැනි )ඔහු ධනවත් වුණා හෝ නැතා ජීවිතේ දැනෙන විඳින මිනිසෙකු වේවි.
👨👩👧👦 ඔබ කොතරම් කාර්ය බහුල වුවත් ඔවුන් සමඟ කාලය ගත කරන්න පුංචි හෝ වෙලාවක් වෙන් කරගන්න.ඔවුන් වැඩිහිටියන් වූ පසු ඔබ සමඟ ගෙවූ කාලය ඔවුන්ට ලොකු පාඩම්, අත්දැකීම් ඉගෙන ගනීවි.
👨👩👧👦 ඔවුන්ගේ මනසේ දෙමව්පියන් ගැන සුන්දර මතක සටහන් ලියා තබන්න. ඒ මතක වල ආදරණීය බව නිසාම ඔවුන් අනාගතයෙදි ඔබ වෙනුවෙන් පොඩි කාලයක් හෝ වෙන් කරාවි .
👨👩👧👦 අනෙකා පරදවා ජයගැනීමට, වාර විභාග වලින් යාළුවන්ට වඩා ලකුණු ගැනීමට , නිතරම පළවෙනියා වී අනුන් සමඟ තරඟ කර ජය ගැනීම වෙනුවට තමන් වෙනුවෙන් ඉලක්ක සාදාගෙන දැහැමින් සෙමින් ඒ ඉලක්ක කරා යන මග උගන්වන්න.
👨👩👧👦 හැකි අයුරින් දන් දීමට ,බෙදා හදාගැනීමට කියල දෙන්න .ඒ දේවල් ප්‍රයෝගිකව කර පෙන්වන්න.එවිට අනාගතයේ ඔවුන් දෙමව්පියන්ටවත් සත පහක් නොදෙනා මසුරන් බවට පත් නොවේවි.
👨👩👧👦 දරුවන්ට දැනෙන්නට ආදරේ කරන්න.දරුවෝ වෙනුවෙන් තියන ආදරේ හිත ඇතුලේ හංගගෙන හිරකරගෙන නොයිඳ ඔවුන්ගේ හිතට ගතට දැනෙන ලෙස ආදරේ කරන්න .ඔවුන් අනාගතයේ ආදරයේ වටිනාකම දන්නා ආදරණීය මිනිසුන් වේවි.
👨👩👧👦 වැදගත් දෙමව්පියන් දෙස ජීවත් වන්න .දෙන්නදෙමහල්ලන්ගේ පුද්ගලික ජීවිතයේ රණ්ඩු සරුවල් , නොගැලපීම් දරුවන් ඉදිරියේ කතා කරමින් දරුවන්ගේ ළමා මනසට අනවශ්‍ය බරක් නොදෙන්න.ඔවුන් මානසිකව පීඩාවට පත් නොකරන්න.එවිට පීඩනයෙන් තොරව ඔවුන් සමජගත වේවි.
👨👩👧👦 දරුවන් වැඩිහිටියන් වූ පසු ඔවුන්ට ඔවුන්ගේ ජීවිත වල තීරණ ගන්නට ඔවුන්ට ඉඩ දෙන්න.දරුවන්ගේ විශේෂ ඉල්ලීමක් නොමැතිව ඔවුන්ගේ ජීවිත මැදට පනින්නට නොයන්න. නමුත් හරි වැරදි ඔවුන්ට පෙන්වා දෙන්න අමතක කරන්න එපා.
👨👩👧👦 වයස සම්පුර්ණ වූ පසු ඔවුන්ගේ අනාගත සහකරු සහකාරිය තෝරාගැනීමට නිදහස දෙන්න.ඒ සඳහා ඔබගේ කුල මල , නෑදෑ පරපුර ,වත් පොහොසත්කම් , ඉඩ කඩම් ,දෑවැදි අදාළ කරගෙන බාධා නොකරන්න .වැරද්දක් ඇත්නම් පෙන්වාදී ඔවුන්ට ඒ තීරණ ගැනීමට නිදහස දෙන්න .
👨👩👧👦 ඔබ අදහන කුමක් හෝ ආගමක් ඔවුන්ට උගන්වන්න .ඔවුන් ජීවිතවල අසරණ වන විට තනි වන විට සහනය ලබාගැනීමට ආගම වැදගත් වේවි.
👨👩👧👦 ඔබගේ සියලු දේපල ධනය ,දරුවන් වෙනුවෙන් වැය නොකරන්න .ඔබ වෙනුවෙන් යමක් ඉතුරු කරගන්න.අනාගතයේ ඔබට තනි වීමට සිදු වුවහොත් එය ඔබට ශක්තියක් වේවි .
👨👩👧👦 ඔබ සතු යමක් ඔබ කැමැත්තෙන් දරුවන් වෙත ලබාදීමට සුදානම් නම් එය ඔබගේ සියලු දරුවන් අතර එක සමානව බෙදා දෙන්න.
👨👩👧👦 මේ සියල්ල අතරේ ඔබ ඔබේ ජීවිතය විඳින්න.එවිට අනාගතේ දරුවන් ඔවුන්ගේ ජීවිත වල සැනසෙන විට ඔබට කොනකට වී විඳවීමට , පසුතැවීමට දෙයක් නැත.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |