ක්ෂණික Panic Attack එකක් අවොත් මඟ හරවා ගන්නේ කොහොමද?

By Wayomi Jul 08, 2022 12:49 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මානසික ආතතියෙන් හෝ විශාදයෙන් (Depression / Anxiety) පෙළෙන කෙනෙක් අත්විඳින ඉතාමත් අසීරූ අත්දැකීමක් තමයි Panic Attack එකක් කියන්නේ. එක්වරම ඇතිවන අධික ශෝකයක් හෝ කම්පාවක් වැනි කරුණු රැසක් මෙම තත්වයට හේතු වන අතර අධික ලෙස මානසික පීඩනයකින් පෙළන පුද්ගලයකුට නම් කිසිදු විශේෂ හේතුවක් නොමැතිව වුවද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.  

Panic Attacks එකකදී පුද්ගලයකු එකවරම අධික ලෙස නොසන්සුන් වන අතර අධික පීඩනයකට හෝ බියකට පත් වෙනවා. එමෙන්ම Panic Attack එකක් ඇතිවී තිබෙන අවස්ථාවකදී හුස්ම ගැනීම අපහසුතා, අධික ලෙස දහඩිය දැමීම, ශරීරය වෙව්ලීම සහ මාංශ පේශි ආතතිය, හදවත වේගයෙන් ස්පන්දනය වීම හා වේගයෙන් නාඩි වැටීම වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

රෝග ලක්ෂණ

💚 වේගවත්, ගැහෙන හද ගැස්ම

💚 දාඩිය දානවා

💚 හුස්ම හිරවීම හෝ උගුරේ තද බව

💚 වෙව්ලීම හෝ වෙව්ලීම

💚 ඔක්කාරය

💚 බඩේ කැක්කුම

💚 පපුවේ වේදනාව

💚 හිසරදය

💚 කරකැවිල්ල, හිසරදය හෝ ක්ලාන්තය  


Panic Attack එකක් මඟහරවා ගතහැකි ක්‍රම

💚 තමා පිළිබද හොඳින්ම දන්නා තම සමීපතමයෙකුට කතා කිරීම

💚 ඉතා දිගු හුස්ම ගැනීම

💚 තමාට Panic Attack එකක් ඇතිවී තිබෙන බව තේරුම් ගැනීම

💚 මඳ වේලාවකට ඇස් වසාගෙන සිටීම

💚 තමා වටා ඇති දේවල්වල නියම ස්වරූපය තේරුම් ගැනීම. තම ඇඳුම ස්පර්ශ කොට එහි ස්වරූපය අත්විඳීම, කකුලෙන් පොළව ස්පර්ශ කිරීම වැනි දේ මෙහිදී කළ හැක.

💚 අවට ඇති යම් භොතික වස්තුවක් දෙස හොඳින් දැඩි අවධානයකින් (Focus) බලා සිටීම

💚 මස්පිඬු ලිහිල් වන ක්‍රියාකාරකම්වල යෙදීම

💚 පහසු ව්‍යායාමවල යෙදීම

💚 තමන් කැමති නිදහස් ස්ථානයක් සිහියට නඟාගැනීම

💚 තමාට කතාකිරීම. මෙහිදී මෙම අසීරු තත්ත්වය ඉතා කෙටි කාලයකට පවතින බව තමාටම ආමාන්ත්‍රණය කරගැනීම කළ හැක.

ඔබ කිසියම් ක්‍රියාකාරකමක නියැලී ඉද්දී ක්ෂණික Panic Attack එකක් අවොත් ක්ෂණිකවම කර කර ඉන්න වැඩේ නතර කරන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW