වළ දැම්ම පඬුකරඳ ගස නැවත ගොඩගෙන සිටවයි.

Gampaha Sri Lanka
By krishani Jul 28, 2023 03:29 PM GMT
Report

ගලවා ඉවත් කර වල දැමු ගම්පහ - දාරලුව ප්‍රදේශයේ කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරඳ ශාකය ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ අද (28) රෝපනය කෙරිණ.

ඒ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක හමුවේ එය යලි ගොඩ ගැනීමෙන් පසුවයි.

ජූලි 10 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව එම ශාකය ගලවා ඉවත් කළ අතර ඒ සම්බන්ධයෙන් පළමු නඩු අවස්ථාවේ දී එම ශාකය වල දැමු ස්ථානයට පොලිස් ආරක්ෂාව ද ලබා දෙන ලදී.

කෙසේ වෙතත්, අද එම නඩුව යලි කැද වූ අවස්ථාවේ ගම්පහ මහේස්ත්‍රාත්වරිය මාර්ග සංවර්ධන අධිකාරය වෙත නියෝග කලේ වළ දමා ඇති ශාකය ගොඩ ගෙන යලි රෝපණය කරන ලෙසයි.