වළ දැම්ම පඬු කරඳ ගස අසලට වහාම විශේෂ පොලිස් ආරක්ෂාවක්.

Gampaha Sri Lanka
By krishani Jul 21, 2023 11:22 PM GMT
Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පවතින කොටසක කපා දැමූ කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස වළ දමා ඇති ස්ථානයට වහාම විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයන මෙන් නියෝගයක් ලබා දී තිබෙනවා.

ඒ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසිය වෙතටයි.

එමෙන්ම, ගස වළ දමා ඇති ස්ථානය ස්ථිරවම හදුනාගෙන එය ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ගම්පහ දිසා වන නිලධාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.