රම්පේ වල ඔබ නොදත් විශ්මිත ගුණ.
රම්පේ කියන්නේ ඉස්සර ඉඳන්ම අපේ ආහාර වේල රසවත් කිරීමට ගත්ත ස්වභාවික රසකාරකයක්. ඒ වගේම එය විෂ වර්ග අවශෝෂකයක්.හැබැයි අපේ ගොඩක් අය දරන මතයක් තමයි රම්පේ ආහාර රසවත් කරන්න ගත්තට ඒ රම්පේ කෑල්ල කන්න හොඳ නැහැ..විෂ වෙනවා කියන කතාව.
ඇත්තම ඇයි එහෙම කියන්නේ,
🍃 නාන තැන් වල, එහෙමත් නැත්නම් භාජන සෝදන වතුර ගලාගෙන යන කාණුවක් අසල තමයි රම්පේ වැවුවේ. මොකද රම්පේ වැවෙන්න හොඳට ජලය ඕන.
🍃 ඉස්සර නම් නාන්න පාවිච්චි කරේ ශරීරයට හිතකර ස්වාභාවික දේවල්. ඒත් දැන් බොහෝ විට රසායනික දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් රසායනික අඩංගු සබන් වතුර ඩිටර්ජන්ට් කුඩු මිශ්‍ර ජලය, එහෙමත් නැත්නම් බැර ලෝහ සහිත ජලය තමයි අර රම්පේ ගාල අස්සෙන් ගලාගෙන යන්නේ.
🍃 රම්පේ කියන්නේ ස්වභාවයෙන්ම ඕනෑම විසක් ඇදගැනීමේ ආවේණික සුවිශේෂ ගුණයක් තියන අද්විතීය ඖෂධීය පැලයක්. ඉතින් අර වගේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය උරා ගැනීමට රම්පේ පැලයකට කොතරම් හැකියාවක් තියෙනවද?
🍃 මුල් හරහා පැලේ උරාගන්නෙ වතුර විතරක් නෙමෙයි. ඔය වස විස සේරම. ඊට පස්සේ ඕවා කොළයේ තැන්පත් වෙනවා.
🍃 ඔය රසායනික දේවල් ගොඩක්ම පිළිකාකාරක. අන්න ඒ නිසයි රම්පේ පිළිකාකාරකයක් කියලා මතයක් තියෙන්නේ.
රම්පේ වල ගුණ
🍃 රුධිර පීඩනය සමනය කරයි.
🍃 රුධිර සීනි ප්‍රමාණය අඩු කරයි.
🍃 වකුගඩු ගල් සැදීම වලක්වයි.
🍃 උණ සුවපත් කරයි.
🍃 ආහාර රුචිය ඇතිකර කුසගිනි වඩවයි.
🍃 වේදනා නාශක ගුණ සහිතයි.
🍃 විදුරුමස් වල සෞඛය රකියි.
🍃 ශරීර සෞඛය රැකගනී.
🍃 ඉස්හොරි ඉවත් කරයි.
🍃 මානසික පීඩනය ඉවත් කරයි.
🍃 දරු උපතකට පසු සිරුරට සහන සලසයි.
🍃 මදුරුවන් හා කැරපොත්තන් වැනි
🍃 කෘමීන් පලවා හරියි.
🍃 ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබාදෙයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |