පානදුර සලිදූ බෙදූ 5000 වවුචර..ඔබටත් ලැබුණද..?

Sri Lanka Police Sri Lankan protests Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 29, 2022 07:57 AM GMT
Report

විදෙස්ගතව සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සලිඳු කරුණාරත්න හෙවත් පානදුර සලිදු නමැත්තා බෙදාහැරි බව කියන රුපියල් 5000 ක තෑගි වවුචර සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

මොහු විසින් පානදුර - දකුණ ප්‍රදේශයේ පවුල් 60කට අයත් කුඩා දරුවන්ට මෙම තෑගි වවුචර ලබා දී ඇති බවට වාර්තා වී ඇත්තේ බුද්ධි තොරතුරකට අනුවයි.

අදාළ වවුචරය සමඟ ඔහුගේ ඡායාරූපයක් මෙන්ම අත් පත්‍රිකාවක් ද බෙදාහැර ඇති අතර, අධ්‍යක්ෂ මූල්‍ය හා සේවා, ලියොන්ඩ්‍රා රෝයල් හෝටල් සමූහය ෆ්‍රෑන්ක්ෆර්ට්, ජර්මනිය යනුවෙන් එහි සඳහන්ව ඇති බවට ද වාර්තාවනවා.

පොලිසිය සඳහන් කළේ මෙම තෑගි වවුචරය බෙදාහරිනු ලැබුවේ කවුරුන් ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බව පානදුර - හිරණ පොලිසිය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now