ගමක් බියවැද්දූ විවාහා මංගල්‍යය, 05ක් රෝහලේ 10ක් පොලිස් කූඩුවේ - මෙරටින් ඇසෙන අමුතුම පුවත..
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
පානදුර හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පහරකෑමට ලක්වූ පස්දෙනෙකු රෝහල් ගතකර ඇති අතර 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පැවසෙන්නේ.
එසේම අත්අඩංගුවට පත් වූවන් අතර දෙවන මනමාලයා ද සිටින බව සඳහන්. රෝහල් ගතකර ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පහරකෑමට ලක්වූ හෝටල් සේවකයින් පස්දෙනකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ගැටුමින් හෝටලයේ දේපළවලට ද අලාභහානි සිදු ව තිබෙනවා. පහර කෑමට ලක් වූවන් මේ වනවිට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
පිහිනුම් තටාකයේ සේවාව වෙන්කරවා ගෙන නොමැති නමුත්, පිරිසක් මත්පැන් පානය කොට එහි බැස දියනා ඇති අතර එහිදී හෝටල් සේවකයින් සමග ඇතිවූ කතා බහක් දුරදිග යාමෙනුයි මෙම ගැටුම සිදුව තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |