පාන් ගෙඩියක් රු.50 කින් අඩු කරයි ද?.බනිස් ගෙඩියක් 25 කි අඩු කරයි?..
පාන් මිල අඩු කල හැකි ක්‍රමයක්
බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50 කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
ඒ අනුව රජය හා බලධාරීන් ගේ සහය ලැබේ නම් රුපියල් 190 වැනි අධික මිලක් ඇති ගෑම් 400 ක පාන් රාත්තල රුපියල් 50කින්ද රුපියල් 100 වැනි මිලකට අලෙවි වන බනිස් ගෙඩියක් රුපියල් 25 කින්ද අඩු කළ හැකි බව ඔහු පැවසුවේය.
එසේම අනෙකුත් බේකරි නිශ්පාදන මිළ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කල හැකි බව ඔහු සඳහන් කරයි.
බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වූ පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් වැඩි වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම් අද ජනතාවට දරාගත නොහැකි ලෙස මිල ඉහළ ගොස් ඇති පාන් මිල අඩු කළ හැකි බව එහිදී ඔහු අවධාරණය කර සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |