වාසනාව අවාසනාව ගැන අනාවැකි කියන මැණික් කටු රේඛා.
විද්‍යා පමණක් ලුහු බඳින අය අතරේ ගුප්ත විද්‍යාව ගැන විශ්වාස කරන අදහන අය ඕන තරම් ඉන්නවා. ඒ වගේම තමයි මේ නූතන විද්‍යාවයි, ගුප්ත විද්‍යාවයි සමාන වූ අවස්ථා ද නැතුවාම නෙවෙයි.ඉතින් මේ කියන්න යන්නේ ගුප්ත විද්‍යාව ඇතුලේ තියෙන දේහ ලක්ෂණ විද්‍යාව සහ හස්ත රේඛා ශාස්ත්‍රයෙන් ඔබ අනාගතය ගැන කියැවෙන අනාවැකි කිහිපයක් ගැනයි.
අපේ අතේ මැණික් කටුවේ රේඛාවන් කිහිපයක් පවතිනවා. ඒ රේඛාවලින් පවා පුද්ගලයෙකුගේ ආර්ථික තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය වාසනාව අවාසනාව ආදී බොහෝ දේවල් ගැන කියැවෙනවා. (වාසනාව අවාසනාව එනකම්ම බලන් ඉන්නත් එපා..ඔබ ඔබ වෙනුවෙන් මහන්සි වෙන්න , උනන්දු වෙන්න.)
( මෙයට අදාළ රූප රාමු පහළින් පෙළගස්වා ඇත.)
මැණික් කටුවේ පළමු රේඛාව
? මේ පළමු රේඛාව අත්ල පැත්තෙන් මුලටම පිහිටා ඇති අතර මේ රේඛාව තෘණ වළල්ල විදියටත් හඳුන්වනු ලබනවා.
? මේ රේඛාවෙන් කිසියම් අයෙක්ගේ ළමා කාලය ගැන වගේම පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හෙළි කරනවා.
? මේ රේඛාව දිගට පිහිටලා තිබීමත් ඒ රේඛා අතර තියෙන පරතරය අවමයි නම් ඔහුට හෝ ඇයට ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමිවෙනවා.
? ඒ වගේම මේ රේඛාව හොඳින් ලස්සනට දකින්නට ලැබේ නම් ඔහු හෝ ඇය ළමා කාලයේ දී දෙමාපියන්ගේ නොමඳ ආදරය ලබමින් සැප සම්පත් භුක්ති විඳි අය විය හැකියි.
? ඒ රේඛාව කැඩී විකෘති වී ගිය අයුරින් දකින්නට හැකියි නම් ඔහු හෝ ඇය ළමා කාලයේ බොහෝ දුක් කරදර විඳි බව පෙන්නුම් කරනු ලබනවා.
මැණික් කටුවේ දෙවනි රේඛාව
? මේ දෙවනි රේඛාවෙන් කියවෙන්නේ ධන සම්පත් සහ වාසනාව ගැන.
? මේ රේඛාවෙන් පුද්ගලයෙකුගේ තරුණ කාලය තුළ පැවති ජීවිත තත්ත්වය පෙන්නුම් කරයි.
? ඒ වගේම රේඛාව දිගට සහ ගැඹුරු ලෙස පිහිටා තිබේ නම් අනාගතයේ දී ධනවතෙක් වීමේ වාසනාව හිමිවෙනවා.
? මේ රේඛාව කැඩී බිදි හෝ දුර්වර්ණ වී පිහිටා තිබීම අසුබ වන අතර ඔහුට හෝ ඇයට තරුණ කාලයේ නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දීමට සිදුවන බව ප්‍රකටයි.
මැණික් කටුවේ තෙවනි රේඛාව
? මේ තුන්වැනි රේඛාව ඝනව සහ පුළුල්ව පිහිටා තියෙනවා නම් ඒ පුද්ගලයාට සිනමා තරුවක් වීමේ වාසනාව හිමිවෙනවා.
? ඒ වගේම මේ රේඛාවෙන් යම් අයෙක්ගේ සාර්ථකත්වය ගැනත් කියන්නට හැකියාව පවතිනවා.
? සම්පත් වළල්ල ලෙසත් හඳුන්වන මේ රේඛාව මහලු වයසේදී සතුටින් සැපෙන් ජීවිතය ගත කරන්නට අවස්ථාව හිමි වන බව පෙන්නුම් කරනු ලබනවා.
? මේ රේඛාව කැඩී විකෘති වී තිබේ නම් මහලු කාලය ඉතාමත් දුක්බරව වාසය කරන්නට සිදුවනවා.
බෝනස් රේඛාව
? මේ රේඛාව නම් සෑම අයෙකුගේම මැණික් කටුවේ පිහිටන රේඛාවක් නොවෙයි.
? එය කලාතුරකින් යම් යම් අයට පිහිටන රේඛාවක්.
? ඉතින් මේ බෝනස් රේඛාවෙන් වාසනාව හා දීර්ඝායුෂ ලැබෙන බව පැවසෙනවා.
වී ඇට මාලයක් සේ පිහිටි මැණික් කටු රේඛාව
? මේ රේඛාව කලාතුරකින් පිහිටන විශේෂ රේඛාවක් වන අතර ඉන් ධනවත් පුද්ගලයෙක් බවට පත්විය හැකි බව පෙන්නුම් කරනු ලබනවා.
පැහැදිලිව පිහිටි මැණික් කටු රේඛාව
? ඉතාමත් ලස්සනට සහ පැහැදිලිව යම් කාන්තාවකගේ අතේ මැණික් කටුවේ රේඛා තුනක් පිහිටා ඇත්නම් ඇය රාජ මහේෂිකාවත් වීමට තරම් පින්වන්ත බව පැවසෙනවා. ත්
ත්‍රිකෝණ සලකුණ සහිත මැණික් කටු රේඛාව
? මේ සලකුණ ඉතාමත් සුබ පිහිටීමක් ලෙසට හස්ති රේඛා ශාස්ත්‍රයේ සඳහන්.
? පියා සන්තක සියලුම ධනය ඔහුට හෝ ඇයට හිමිවන බව කියවෙන භූමිගත මැණික් නිදන් වැනි සම්පත් පවා උරුමවිය හැකි බවට කියවෙන සුබ රේඛාවකි.
සියදිවි නසා ගන්නා බව කියන මැණික් කටු රේඛාව
? යම් කිසි අයෙකුගේ අතක මැණික් කටු රේඛා තුනක් පිහිටා ඒ රේඛා තුන එකම ස්ථානයකින් කැපී හෝ කැඩී තිබේ නම් ඒ අය සියදිවි නසා ගැනීමට පෙළඹෙන අය බවටයි පැවසෙන්නේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |







